Saturday, March 31, 2012

ඔබ නොඑන දාට සඳ ...

කළුවර රැ එකලු කරමින්
ඔබ පායා ආවා මගේ විජිතයට
මම නෙහෙ වගකට ගත්තේ
නුඹේ සඳ එලිය මාව සුවපත් කල වග

නුඹ ආඩම්බර කම් අහක තියල
මම යන එන තැන ලස්සන කලා
මම නෙහෙ වගකට ගත්තේ
නුඹේ සිත් මඩල  මාව සවිමත් කල වග

නුඹේ සිනහව, කවටකම්, තරවටුකම්
මගේ ජීවය ප්‍රමෝදමත් කලා
මම නෙහෙ වගකට ගත්තේ
නුඹ කාටවත් නොදුන් සිත මට දිවිය පුරා උවමනා වග

ඒත්....
නුඹ එක පාරම එක තැනක නැවැටතුනා
මම නොසිතුව මොහොතක

අනේ දැන් මට තේරෙනවා
මට නුඹව උවමනා වග ...

ඒත්.... 
දැන් නුඹ මට ගොඩක් දුරින් ඉන්නේ
ලඟින් ඉන්න කොට කියාගන්න
උකටලී ලෙන්ගතුකම,
දැන් ඉතින් මම කොහොම කියා ගන්නද නුඹට
ගිහින් නුඹ යන්න මගේ විජිතයෙන් පිට...

අනේ නුඹ ආයේ එනවනම් ...

4 comments: