Wednesday, April 21, 2010

මගේ සද ඔබ….

බොද වෙලා හීනයම අදුරු තිමිරෙක වෙලා
වසාගත් කළු වලා තිබුනි එහි පැතිරිලා
මගේ සිත් අහස තුල ඔබය තරුපති වෙලා
එලි කලේ විජිතයම අදුර හැර පලවලා

වෙලී ගති ජීවයම ඉසිබුවක සගවලා
ගොඩ නැගූ හැම  පවුරු නුඹ ඇවිත් සුනු කලා
සතුට සුන් දිවිය තුල සිනහ මල් පතුරලා
මගෙ මුළු ලොකයට නැවුම් බව මුසු කලා

මගෙම සොයුරකු විලස නුඹ ඉන්න හිමියනේ
නැත වරම් මගෙ ලොවෙන් පිලි ගන්න නුඹ අනේ
කුමට අප මේ ලෙසට ජීවිතෙන් හමුවුනේ
ඔබයි මගේ සද සදාකල්ම  මිහිරාණනේ..

2 comments:

  1. නියමයි...
    මොකද සොයුරෙක් වෙලා ඉන්න කියන්නේ...
    හෑ....

    /බිඟුවා...!

    ReplyDelete
  2. සිතනා දෙය සිතු අයුරින් ඉටුවේ නම්
    මේ ලොව සිහින පාරාදිසයකි නැවුම්
    එනමුදු නිරතුරුව ඇත සිත් අගෙහි සුසුම්
    හමුවී නැති වුනත් විඳගත ‍යුතුය හැඟුම්...

    ReplyDelete