Tuesday, September 7, 2010

ගැමි ලියගේ කවිය...

කල්පාන්තරයක් පෙරුම් පුරල
ඩින්ගිත්තක්වත් නොහිතපු වෙලාවක
මයෙ පාන්ඩු වෙච්චි හිතට ගොඩ වෙච්ච
මයෙ දෙය්යො...
කොටියා පරාද වෙන්ට රැවුම් ගෙරවුම් පැවට
ඔය ගල් හිත ඇතුලෙ මන් ගැන හීනි කැක්කුමක්
තාමත් තියනව නේද කියල කියන්ට මට,
මයෙ දෙය්යො...
කොයි ගම් තුලානට මාව දෙන්ට හැදුවත්
උඹේ පාමුල  ඉන්ට ඇත්නම් කියලම හිතුනම
තහන්චි මැද්දෙන් එක පිම්මට දුවන් එන්ට හිතයි
මයෙ දෙය්යො...
දළදා හාමුදුරුවන්යෙ පිහිටෙන්
කොලඹ රටේ සතා සීපාවගෙන් බේරිලා
හනිකට ආපහු එන්ට..
ලගින් ඉන්ට තහන්චි වුනත්,
දුරින් ඉදන් මන් බලා ඉන්නව
මයෙ බන්ඩාර දෙය්යො...

No comments:

Post a Comment